ඇඳන් 900කට අධික සංඛ්‍යාවකින් සැදුම්ලත් මෙම රෝහල, ලොව විශාලතම ළමා රෝහල ලෙසද සැලකේ...
රිජ්වේ ආර්යා ළමා රෝහල දකුණු ආසියාවේ ළමුන් සදහා ඇති හොදම පහසුකම් සහිත සෞඛ්‍ය මධ්‍යස්ථානය බවට පත්කිරීමට...
අභිපේ‍්‍රරණයක් සහිත පුහුණු, කාර්යක්‍ෂම, ආචාරශීලී සෞඛ්‍ය කාර්යය මණ්ඩලයක් සහිතව...
රාජ්‍ය නිදහස් සෞඛ්‍යය ප්‍රතිපත්තියට අනුව, මෙමගින් ලබාදෙන සියලුම සේවාවන් නොමිලේ ලබාදෙමින්...
රෝගීන් සඳහා ගුණාත්මක බවින් ඉහළ පරිපූරණ සේවාවක් ලබා දීමට අවැසි අරමුදල් රැස් කිරීම උදෙසා...
ගුණාත්මක බවින් ඉහළ පරිපූරණ සේවාවක් ලබා දීමට අවැසි සියලු පහසුකම් සහිතව...
සේවා ලාභියා ඉලක්ක කරගත් ගුණාත්මක බවින් ඉහළ පරිපූරණ සේවාවක් සේවා ලාභියා උපරිමයෙන් තෘප්තිමත් වන ලෙස ලබාදෙමින්...
දවසේ පැය 24 පුරවටම, අවුරුද්දේ සියලු දිනයන්හි ප්‍රතිකාර සේවාවන් සඳහා විවෘතව තැබෙමින්...
ශ්‍රී ලාංකීය ළමුන් සඳහා තෘතීක වෛද්‍ය සත්කාර සේවා සපයන ප්‍රධානතම රෝහල බවට පත්වෙමින්...
ළමා සත්කාර සේවා සඳහාම විශේෂිත වූ නවීන තාක්ෂණයෙන් සන්නද්ධව...
බාහිර සහ අභ්‍යන්තර රෝගීන් සඳහා ගුණාත්මක බවින් ඉහළ පරිපූරණ සේවාවක් ලබා දීමේ අරමුණින්...
උපාධිධාරින්, පශ්චාත් උපාධිධාරින් හා අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන් සාර්ථකව පුහුණු කිරිමට කැපවෙමින්...

ආයුබෝවන්...

රිජ්වේ ආර්යා ළමා රෝහල, ශ්‍රී ලාංකික ළමුන් සඳහා වෛද්‍ය සත්කාර සේවා සපයන ප්‍රධාන රෝහල වේ. ඇඳන් 900කට අධික සංඛ්‍යාවකින් සැදුම්ලත් මෙම රෝහල, ලොව විශාලතම ළමා රෝහල ලෙසද සැලකේ. රාජ්‍ය නිදහස් සෞඛ්‍යය ප්‍රතිපත්තියට අනුව, මෙමගින් ලබාදෙන සියලුම සේවාවන් නොමිලේ ලබාදේ. දිනකට ළමුන් 2500 - 3000 පමණ මෙම රෝහලේ සේවාලාභීන් වන අතර, ඉන් 250 - 300 පමණ අභ්‍යන්තර රෝගීන් ලෙස ඇතුලත් කෙරේ.

අපගේ දැක්ම...

මෙම දශකය තුල රිජ්වේ ආර්යා ළමා රෝහල දකුණු ආසියාවේ ළමුන් සදහා ඇති හොදම පහසුකම් සහිත සෞඛ්‍ය මධ්‍යස්ථානය බවට පත්කිරීම.

අපගේ මෙහෙවර...

අභිපේ‍්‍රරණයක් සහිත පුහුණු කාර්යක්‍ෂම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයක් මගින් සේවා ලාභියා ඉලක්ක කරගත් ගුණාත්මක බවින් ඉහළ පරිපූරණ සේවාවක් සේවා ලාභියා උපරිමයෙන් තෘප්තිමත් වන ලෙස ලබා දීම හා උපාධිධාරින් හා පශ්චාත් උපාධිධාරින් හා අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන් සාර්ථකව පුහුණු කිරිම.

සිතියම සහ දිශාව:

රිජ්වේ ආර්යා ළමා රෝහල කොළඹ දිස්ත්‍රික්කයේ, ජනාකීර්ණ බොරැල්ල නගරයේ, බොරැල්ල මංසන්ධියට ඉතා ආසන්නව පිහිටා ඇත. රෝහලට ඇතුළු වීම සඳහා බේස්ලයින් පාර දෙසින් හා මරදාන පාර දෙසින් ලෙස ප්‍රධාන ගේට්ටු දෙකක් භාවිතා වේ:

රෝහලේ හදිසි අනතුරු, ශල්‍ය, විකලාංග ශල්‍ය, රෝග, වෘත්තීය, භෞත, භාෂා හා කථන චිකිත්සක ඒකකයන් හා පරිපාලන කාර්යාලය වෙත පිවිසීමට මරදාන පාර ගේට්ටුවෙන් ඇතුළු වීම වඩා පහසු වේ. බාහිර රෝගී, හදිසි ප්‍රතිකාර, කායික වෛද්‍ය එකක සහ අනෙකුත් සායන බොහොමයක් වෙත පිවිසීමට බේස්ලයින් පාර ගේට්ටුව භාවිතා කිරීම සුදුසු වේ.

ගිලන් රථ, රෝගී දරුවන් රැගෙන එන වාහන හා අවසර ලත් වාහන හැර අනෙකුත් කිසිඳු වාහනයකට රෝහලට ඇතුළු වීමට හෝ ගාල් කිරීමට ඉඩ දෙනු නොලැබේ. ආරක්ෂක හේතූන් මත රෝහලට ඇතුළු වීමේදී ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමට හා ආරක්ෂක පරීක්ෂාවනට ලක්වීමට සිදුවිය හැක. නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන් බැලීමට ඉඩදෙනු ලබන්නේ උදෑසන 6.00 - 7.00, දහවල් 12.00 - 1.00 හා සවස 5.00 - 6.00 කාලසීමාවන් තුල පමණක් වන අතර ඒ සඳහා දරුවා ඇතුලත් කිරීමේදී නිකුත්කරනු ලබන අවසර පත්‍රය අවශ්‍ය වේ.



  A - මරදාන පාර පිවිසුම 
  B - බේස්ලයින් පාර පිවිසුම
  C - බේස්ලයින් පාර සේවක පිවිසුම
  D - මුළුතැන්ගෙය, ඇපුල්ලුම්පොළ, මෘතශරීරාගාර පිවිසුම

  1 - ප්‍රධාන ගොඩනැගිල්ල
  2 - විකිරණවේද ගොඩනැගිල්ල
  3 - වාට්ටු අංක 1,2,3,4 ගොඩනැගිල්ල
  4 - ශල්‍ය උපකරණ ගබඩාව
  5 - අභ්‍යන්තර බෙභෙත් ශාලාව
  6 - බාහිර රෝගී ගොඩනැගිල්ල
  7 - බාහිර බෙභෙත් ශාලාව
  8 - දිවා සුරැකුම් මධ්‍යස්ථානය
  9 - අක්ෂි / ස්නායු ඒකක ගොඩනැගිල්ල
 10 - ලේ බැංකුව, දැඩි සත්කාර, හෘද, වන්ද්‍යකෘත ඒකක
 11 - හදවත් රෝග නව ගොඩනැගිල්ල
 12 - වාට්ටු අංක 8,9, පිළිස්සුම් ප්‍රතිකාර ගොඩනැගිල්ල
 13 - වෘත්තීය / භෞත චිකිත්සක ගොඩනැගිල්ල
 14 - ආපනශාලාව
 15 - විකලාංග / සෘජුකරණ උපකරණ වැඩපළ 
 16 - ඇපුල්ලුම් පොළ
 17 - ක්ෂුද්‍රජීව, ව්‍යාධිවේදී රසායනාගාරය, මෘතශරීරාගාරය
 18 - මුළුතැන්ගෙය
 19 - රියදුරු කාමර, මහජන සෞඛ්‍ය පරීක්ෂක
 20 - නේවාසික වෛද්‍ය නිවාස, වෛද්‍ය ආපනශාලාව

ඡායාරූප එකතුව:

වෙබ් අඩවි විලාසය:

A  B  C  D  E  F  G  H

පරිශීලක අංකය: 199728

සම්බන්ධවන්න:



ප්‍රකාශන හිමිකම © 2013-2014 රිජ්වේ ආර්යා ළමා රෝහල | නිර්මාණය: HIRU@LRH (සෞඛ්‍යය තොරතුරු හා පර්යේෂණ ඒකකය) | අවසන් යාවත්කාලීන කිරීම: 2015-12-01