General Care

Diarrhea

දරුවන් අතර බහුලවම දක්නට ලැබෙන තත්ත්වයක් වන පාචනය පිළිබඳව සිදු කරන පැහැදිලි කිරීම මෙම වීඩියෝවෙන් දැක්වේ. පාචනයේ රෝග ලක්ෂණ, රෝහලට පැමිණිය යුතු වන හේතු කාරණා, පාචන තත්ත්වයක දී නිවසේ දී සිදු කළ යුතු ප්‍රතිකාර පිළිබඳව මෙහිදී පැහැදිලි කර දෙනු ලැබේ.

Constipation

මලබද්ධය යනු දරුවන් අතර පවතින බහුලතම ආමාශ ආන්තික ප්‍රශ්නය ලෙස සැලකිය හැක. මලබද්ධය ඇතිවීමට හේතු, එයට කළ යුතු පිළියම් සහ එය ප්‍රතිකාරවලින් සුව කර ගත නොහැකි විටදී යොමු කළ යුතු සායන පිළිබඳව පැහැදිලි කිරීමක් මෙම වීඩියෝවෙන් දැක් වේ.

Per Rectal bleeding “මලපහ සමග ලේ පිටවීම”

මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ ළමුන්ගේ මළ පහ සමග ලේ පිටවීමේ තත්ත්වය (per rectal bleeding) සම්බන්ධයෙන් සිදු කරනු ලබන පැහැදිලි කිරීම යි. මෙය ළමුන් අතර බහුලව ඇති තත්ත්වයක් නොවූවත් එය වෛද්‍යවරයෙකු වෙත ගෙනගොස් පරික්ෂා කර ගත යුතු තත්වයක් වේ.