ෆයිසර් එන්නත සඳහා තෝරාගත් නිර්ණායක

Home / ෆයිසර් එන්නත සඳහා තෝරාගත් නිර්ණායක

ෆයිසර් එන්නත සඳහා තෝරාගත් නිර්ණායක

Home / ෆයිසර් එන්නත සඳහා තෝරාගත් නිර්ණායක

පහත සඳහන් රෝගාබාධ සහිත, අවුරුදු 12-19 අතර ළමුන් සඳහා පමණක් ෆයිසර් එන්නත ලබා ගත හැකිය. (ශ්‍රී ලංකා ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විද්‍යායතනයේ මාර්ගෝපදේශනය)

  1. මූලිකප්‍රතිශක්ති ඌනතා ආබාධ
  2. රෝග හෝ ප්‍රතිකාර හේතුවෙන් ඇති වූ ප්‍රතිශක්තිකරණ ඌනතා:
  • ලියුකේමියා සහ ලිම්ෆෝමා ඇතුළු රක්තපාත පිළිකා.
  • විකිරණ චිකිත්සාව හෝ රසායනික චිකිත්සාව මගින් ප්‍රතිකාර කරනු ලබන අනෙකුත් පිලිකා.
  • ජීව විද්‍යාත්මක ප්‍රතිකාර ගැනීම.
  • කෝටිකොස්ටෙරොයිඩ් ඖෂධය, ඉහළ හෝ මධ්‍යස්ථ මාත්‍රාවලින් ගැනීම.
  • මෙතොට්‍රෙක්සෙට්, අසාතිප්‍රීන්, එම්එම්එෆ්, ටක්‍රොලිමස්, සයික්ලොෆොස්ෆමයිඩ් වැනි වෙනත් ප්‍රතිශක්තිකරණ සකසන හෝ මර්දන ඖෂධ ගැනීම.
  • ඕනෑම ඉන්ද්‍රය බද්ධ කිරීමකට ලක්වූ තැනැත්තෙක්.
  • දිගු කාලීන ප්‍රතිශක්ති මර්දන ප්‍රතිකාර  අවශ්‍ය වන ඕනෑම රෝගී තත්වයක්.
  1. ප්ලීහාව ක්‍රියා විරහිත වීමට හෝ ඉවත් කිරීමට හේතු වන රුධිර රෝග:
  • තැලසීමියා මේජර් සහ අතරමැදි තත්ව,
  • පාරම්පරික ස්පෙරෝසයිටෝසිස් රෝගය
  • සිකල් සෛල රෝගය
  1. අන්තරාසර්ග ආබාධ:
  • දියවැඩියාව
  • ඇඩිසන් රෝගය
  • සංජානනීය අධිවෘක්ක හයිපර්ප්ලාසියාව
  • පිටියුටරි ග්‍රන්ථි ඌනතාවය
  • සැලකිය යුතු වෙනත් හෝමෝන ඌනතා
  1. නිදන්ගතස්නායු ආබාධ:
  • මස්තිෂ්ක ආඝාතය
  • ඕටිසම්
  • අපස්මාරය
  • ස්නායු පිරිහීමේ රෝග
  • ස්නායු-මාංශපේශි ආබාධ
  1. ඉගෙනීමේදුර්වලතා
  • ඩවුන් සින්ඩ්‍රෝමය
  • අනෙක් හේතු නිසා ඇති වන දැඩි, බහු ඉගෙනුම් දුර්වලතා
  1. පද්ධති ගණනාවකට බලපාන වෙනත් සැලකිය යුතු ජානමය සහ/හෝ පරිවෘත්තීය අසාමාන්‍යතා
  2. නිදන්ගතහෘද ආබාධ
  • ශල්‍යකර්ම සිදු නොකළ සහජ හෘද ආබාධ
  • ශල්‍යකර්ම සිදු කලද, සැලකිය යුතු අවශේෂ රෝග තත්ව සහිත සහජ හෘද ආබාධ
  • සැලකිය යුතු ලෙස රුධිර සංසරණයට බලපාන, නතුකරගත් හෘද ආබාධ
  1. නිදන්ගත ශ්වසන ආබාධ
  • දිගු කාලීන මුඛ ස්ටෙරොයිඩ් ඖෂධය අවශ්‍ය වන, දුර්වල ලෙස පාලනය කරන ලද ඇදුම රෝගය හෝ දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර අවශ්‍ය වූ ඉතිහාසයක් සහිත ඇදුම රෝගය.
  • සිස්ටික් ෆයිබ්‍රෝසිස් රෝගය
  • බ්රොන්කොපුල්මෝනරි ඩිස්ප්ලාසියාව
  • අන්තරාල පෙනහළු රෝග
  • ඕනෑම හේතුවක් නිසා ඇතිවූ, සැලකිය යුතු අබාධ සහිත බ්රොන්කයික්ටැසිස් තත්වය
  • පෙනහළු අධි-රුධිර පීඩනය
  • නිතිපතා සායනික පසු විපරම් අවශ්‍ය වන නිදන්ගත වකුගඩු රෝග සහ නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝමය.
  1. නිදන්ගතඅක්මා රෝග
  2. නිදන්ගතආමාශ-ආන්ත්රයික ආබාධ